Posts

My drawing : University of Ruhuna .....

Image
 

Agriculture.lk

Image
🐟🦐🦀 එක තැන පල් නොවී ජෛව ඉංජිනේරු තාක්ෂණයෙන් ප්‍රයෝජනයක් ගමු .👩‍🔬👩‍🏫 Link to the post:  https://m.facebook.com/story.php?story_fbid=282867879743942&id=112509896779742

සිතට වසන්තය ගෙන ආ සැබෑ වසන්තය.✍️✍️

Image
සිතට වසන්තය ගෙන ආ සැබෑ වසන්තය Chungnam National University  ශීත කාලය නිමාවෙමින් පවතී. ගස් වල අතුපතර රැදි හිම වලාකුලු කෙමෙන් කෙමෙන් ජල බිදිති බවට පත්ව පොලව මත පතිත වන්නේ ගස මුල තැන්පත්ව ඇති හිම තට්ටුව මත කුඩා කුඩා ආවට සාදමිනි. දියවෙමින් යන හිම මත මිනිසුන් එහාමෙහා යාම නිසා ඇතිවන තෙරපුමෙන් කණ්නාඩියක් මෙන් ඔප මට්ටම් වන්නේ තරුණ කෙල්ලන් කොල්ලන්ගේ දාන්ගලය අඩුකිරීමට දඩුමක් වශයෙන් පය ලිස්සා යාමට සැලැස්වීමට ස්වභාවධර්මය යොදන උපක්‍රමයක් ලෙසිනි. ශීත සෘතුවේ දුෂ්කරම කාලය ගෙවාදැමුවත් මෙම මටසිලිටු හිම මත ඇවිදීම තරම් දුෂ්කර කර්තව්‍යයක් තවත් නැත. කෙසේ වෙතත් සමහරුන්ටනම් මෙය විනෝදාත්මක අත්දැකීමකි. "ජීයොන්..... ළමයො මොකද ඔය දාන්ගලේ වැටිල මැරෙන්නද හදන්නේ " "නෑ අම්මා... මේ මල්ලි ඉන්න දෙන්නෙ නෑ" "දෙන්නම දගළල වැටිල කොන්ද කඩාගත්තම හොදයි කැම්පස් එකටත් යන්න බැරිවෙන්න" ජීයොන් මෙවර තේජෝන්හි චුංන්ග්නාම් ජාතික විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයට අතුලත් වීමේ බලපොරොත්තුවෙන් ඉන්නා ටිකක් ගුප්ත ගැහැණු ළමයෙක්. ඇයගේ මුල් ගම ග්වන්ජු උවත් තම මව පියා සහ සහෝදරයා සමග තේජෝන් පැමිනෙන්නේ ඇයගේ උසස් ...

කුවීන්ස් උද්‍යානයේ අභිරහස් මරණය.✍️✍️🧐

Image
කුවීන්ස් උද්‍යානයේ අභිරහස් මරණය. Image from bbc.com වෙලාව පාන්දර තුන හමාරයි. රහස් පරීක්ෂක ඩන්ස්ටන් ඇඳෙ වැතිරී සිටිමුත් නින්දයන පාටක්නම් නැත. ඇඳේ එහාට මෙහාට පෙරලෙමින් සිටියේ උදේ දහයයි තිහේ මගී නවුකාවේ ,සෞත්ඇම්ප්ටොන් වරායට ගොඩබසින තම දියනිය දැකගැනීමේ දැඩි අස්සාව නිසාය. ඇඳෙන් නැගිටි ඩන්ස්ටන් තම පාවහන් යුගල පැලදගනිමින් හාන්සිපුටුවෙහි වාඩිවූයේ එලිය වැටෙන තුරු කාලය ගතකරගන්නේ කෙසේද යන්න කල්පනා කරමිනි. හාන්සිපුටුවෙහි වාඩිවී කකුලක් උඩ කකුලක් දමාගනිමින් අසල වූ ටීපෝව මත ඔහුගේ දිනපොත උඩන් තබාතිබූ දුම් පයිප්පය ගෙන දුම් කුඩු ටිකක් දමාගනිමින් දල්වාගත් ඩන්ස්ටන් සිවිලිම දෙස ඇස් යොමු කරමින් හාන්සිවී දුම් බොන්නට පටන් ගත්තේ සිවිලිමේ සිටි කුඩා කෘමියෙක් එහි වූ මකුළු දැලකට පැටලී මිදීයාමට් පොරකන සැටි නිරීක්ෂණය කරමිනි. මදකින් සිවිලීමෙහි වූ කුඩා සිදුරකින් එලියට පැමුනි හූනෙකු දැලේ පැටලුනු කෘමියාට කුරුමානම් අල්ලනු ඩන්ස්ටන් දුටුවේය. වැඩි වේලා නොගත් හූන එක්වර පැන කෘමියව තම ගොදුරක් බවට පත්කර ගත්තේ ඩන්ස්ටන් ඇදි දුම පිට කිරීමටවත් ඉඩ නොදීය. සීත කාලය අරම්භ වෙමින් පැවති හෙයින් ටික වේලාවක් හාන්සිපුටුවෙහි වැතිර සිටි ඩන්ස්...

උපාලිගේ නාඩඟම ✍️✍️😂

Image
උපාලිගේ නාඩඟම "උපාලි පද්මසිරි, මගත්තයෝ, නැගිටපන් යකෝ අටත් පහුවෙලා" මුනින් අතට හැරී කොට්ටෙ ඔලුව ඔබාගෙන ගොරවන උපාලිගේ, මදුරු දැලෙන් එළියට පැන තිබුණු කකුලට උඩ පැන දිනිත් පහරක් එල්ළ කරමින් ඇහැරවීමට තැත්කලේ ප්‍රවීණ පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝවත් මතක් කරගනිමිනි. නමුත් කුම්ඹකර්නට හොරනෑ පිම්බාක්සේ උපාලිනම් නෙමේ ඇහැරුනේ. "නැගිටහන් කාලකණ්ණියෝ පස්චාත්භාගෙට ඉර වැටිල ගිනිත්ගන්නකන් නිදාගන්නෙ නැතිව, නැගිටල මෙන්න මේ තේ එක බීපන්" "පස්සෙ බොමු" යාන්තන් කෙදිරිගාමින් උපාලි ප්‍රතිචාර දැක්වූයේ මරණාසන්න රෝගියෙකුමෙනි. "මොකද්ද බන් උඹලගෙ කම්මැලිකම, තේ එක පොවන්නත් පස්චාත් අර්ධ වන්දනාව කරන්න ඕන..... රෙද්ද.." දිනිත් උත්තර දුන්නේ ඔහුගේ තේ එකත් බොනගමන් ජනේලෙට හේත්තු වී උදේ පාන්දර අහසේ පියාඹන හෙලිකොප්ටර්ය දෙස බලාන ජීවිතේ ගැන කලකිරුනු ගිහියෙක් තපසට යන්න ඔන්න මෙන්න වගේ හැගීමක් ඇතුවාසේය. නමුත් උපාලිනම් ලෝකෙ පෙරලුණත් නැගිටින පාටක්වත් නැත. දිනිත් සහ උපාලි කොළඹ පෞද්ගලික ආයතනයක ආරක්ෂක අංශයක වැඩකරන එකම වයසේ අවිවාහක තරුණයන් දෙදෙනෙකි. කොරෝනා හේතුවෙන් දැමූ ඇදිරිනීතිය නිසා කොළඹ...

කතාකරන පාලම.✍️✍️✍️

Image
කතාකරන පාලම . Art by Sarath Mahinda Wijerathna  මුළු වනාන්තරයම මීදුමෙන් වැහිල. පයින් ගස් වල අතුරිකිලි අගින් පිනි බිංදු එකින් එක පෝලිමට එකා පිටිපස්සෙ එකා බිම ඇද වැටෙන්නේ ටික් ටික් හඬ නගමින්. උදෑසන ලා හිරු එළියට දිලිසෙන ඒ පිනිබිංදු දෙකෙළවර ලිහුනු මුතු මාලයක මුතු ඇට එකින් එක ගැලවී බිම ඇද හැලෙන්නා වාගේ. කුරුල්ලන්ගේ කිචිබිචි හඩ හැම තැනම. අළුත් දිනයක උදාව, හැමෝම දවස පටන් අරගෙන වගේ. වනාත්තරය හැමදාම වාගේ හරිම ලස්සනයි. පයිනස් වනය මැදින් ගලාබසින ඔය පාර අදනම් එතරම් කලබලකාරී නැහැ. හොද ගොදුරක් ඩැහැගෙන බඩපුරවගත්තු බළලෙක් උජාරුවෙන් නින්දට යන්න තමන්ගෙ සුපුරුදු ස්ථානය බලා ගමන් ගන්නා වාගේ හරිම සාමකාමී. සුපුරුදු පරිදි මේ සුන්දරත්වය තනිව රසවිදින ඔය හරහා වැටී ඇති කතාකරන පටු ලී පාලම බලාන ඉන්නෙ කෙනෙක් බලාපොරොත්තුවෙන්. "සුභ උදෑසනක් වේවා මිස්ටර් බ්‍රිජ්". "ආ, මිස් හයිඩි සුභ උදෑසනක්." "ඇත්තමයි ඔබ ලගට එනකන් මම දුටුවේ නැහැ, ඔබ අද හරිම හැඩයිනෙ". "ඇයි වෙනද හැඩ නැද්ද ?.". "ඇත්තටම මම අදහස් කලේ ඔබ වෙනද වගෙම හැඩයි මිස් හයිඩි". "බායි මිස්ටර් බ්‍රිජ්, මට...

While Curfew #1✍️🎨

Image