කතාකරන පාලම.✍️✍️✍️
කතාකරන පාලම . Art by Sarath Mahinda Wijerathna මුළු වනාන්තරයම මීදුමෙන් වැහිල. පයින් ගස් වල අතුරිකිලි අගින් පිනි බිංදු එකින් එක පෝලිමට එකා පිටිපස්සෙ එකා බිම ඇද වැටෙන්නේ ටික් ටික් හඬ නගමින්. උදෑසන ලා හිරු එළියට දිලිසෙන ඒ පිනිබිංදු දෙකෙළවර ලිහුනු මුතු මාලයක මුතු ඇට එකින් එක ගැලවී බිම ඇද හැලෙන්නා වාගේ. කුරුල්ලන්ගේ කිචිබිචි හඩ හැම තැනම. අළුත් දිනයක උදාව, හැමෝම දවස පටන් අරගෙන වගේ. වනාත්තරය හැමදාම වාගේ හරිම ලස්සනයි. පයිනස් වනය මැදින් ගලාබසින ඔය පාර අදනම් එතරම් කලබලකාරී නැහැ. හොද ගොදුරක් ඩැහැගෙන බඩපුරවගත්තු බළලෙක් උජාරුවෙන් නින්දට යන්න තමන්ගෙ සුපුරුදු ස්ථානය බලා ගමන් ගන්නා වාගේ හරිම සාමකාමී. සුපුරුදු පරිදි මේ සුන්දරත්වය තනිව රසවිදින ඔය හරහා වැටී ඇති කතාකරන පටු ලී පාලම බලාන ඉන්නෙ කෙනෙක් බලාපොරොත්තුවෙන්. "සුභ උදෑසනක් වේවා මිස්ටර් බ්‍රිජ්". "ආ, මිස් හයිඩි සුභ උදෑසනක්." "ඇත්තමයි ඔබ ලගට එනකන් මම දුටුවේ නැහැ, ඔබ අද හරිම හැඩයිනෙ". "ඇයි වෙනද හැඩ නැද්ද ?.". "ඇත්තටම මම අදහස් කලේ ඔබ වෙනද වගෙම හැඩයි මිස් හයිඩි". "බායි මිස්ටර් බ්‍රිජ්, මට...
Comments
Post a Comment