කතාකරන පාලම.✍️✍️✍️
කතාකරන පාලම.
Art by Sarath Mahinda Wijerathna |
මුළු වනාන්තරයම මීදුමෙන් වැහිල. පයින් ගස් වල අතුරිකිලි අගින් පිනි බිංදු එකින් එක පෝලිමට එකා පිටිපස්සෙ එකා බිම ඇද වැටෙන්නේ ටික් ටික් හඬ නගමින්. උදෑසන ලා හිරු එළියට දිලිසෙන ඒ පිනිබිංදු දෙකෙළවර ලිහුනු මුතු මාලයක මුතු ඇට එකින් එක ගැලවී බිම ඇද හැලෙන්නා වාගේ. කුරුල්ලන්ගේ කිචිබිචි හඩ හැම තැනම. අළුත් දිනයක උදාව, හැමෝම දවස පටන් අරගෙන වගේ. වනාත්තරය හැමදාම වාගේ හරිම ලස්සනයි. පයිනස් වනය මැදින් ගලාබසින ඔය පාර අදනම් එතරම් කලබලකාරී නැහැ. හොද ගොදුරක් ඩැහැගෙන බඩපුරවගත්තු බළලෙක් උජාරුවෙන් නින්දට යන්න තමන්ගෙ සුපුරුදු ස්ථානය බලා ගමන් ගන්නා වාගේ හරිම සාමකාමී. සුපුරුදු පරිදි මේ සුන්දරත්වය තනිව රසවිදින ඔය හරහා වැටී ඇති කතාකරන පටු ලී පාලම බලාන ඉන්නෙ කෙනෙක් බලාපොරොත්තුවෙන්.
"සුභ උදෑසනක් වේවා මිස්ටර් බ්‍රිජ්".
"ආ, මිස් හයිඩි සුභ උදෑසනක්."
"ඇත්තමයි ඔබ ලගට එනකන් මම දුටුවේ නැහැ, ඔබ අද හරිම හැඩයිනෙ".
"ඇයි වෙනද හැඩ නැද්ද ?.".
"ඇත්තටම මම අදහස් කලේ ඔබ වෙනද වගෙම හැඩයි මිස් හයිඩි".
"බායි මිස්ටර් බ්‍රිජ්, මට පරක්කු වෙනව".
"බායි මිස් හයිඩි පරිස්සමින් ගිහින් එන්න, මම බලාන ඉන්නවා".
හයිඩි පාලමෙන් එහා ඔයට යාබද ලස්ස්සන කුඩා ගමක ජීවත්වන පුංචි කෙල්ලෙක්. හරිම හැඩයි. ඒ වගේම ඉගෙනගන්නත් ගොඩක් දක්ෂයි. හැබැයි යාලුවොනම් එයාට කවුරුත් නෑ. හයිඩි යලුවන්ට කැමති නෑ. යාලුවොනම් කියන්නෙ එයාගෙ ලොකුකම කියල. හයිඩිගෙ පව්ල තමයි ගමෙ හිටිය පොහොසත්ම පව්ල. ගමේ ගොඩක් වතුපිටිවල අයිතිය තිබුනෙ හයිඩිගෙ පවුලෙ අයට. ඒ නිසා හයිඩිනම් හිටියෙ ටිකක් උඩින්. මිස්ටර් බ්‍රිජ්ටත් කීප වතාවක්ම ඇහිල තිබුන පාලම හරහ යන ළමයි හයිඩිගැන කතාවෙනව. ගොඩදෙනෙක්

කියන්නෙ එයා හරිම නපුරුයි, ඉන්නෙනම් සීයට ගනින්න බෑ වගෙ. හැබැයි පොඩ්ඩ ඇත්නම් තරහ යනව. දන්න කියන කෙනෙක් නෙමේනම් පුපුර පුපුර ඉන්නව සද්ද නැතිව. නැත්තන් කටට එන දේ කියල ඔහේ බනිනව. හැමවෙලේම කතාකරන්නෙ හිතයට දෙයක් හන්ගගෙන. හරිම අර්ත්මර්තකාමී. හැමදෙනාම සැකයි. එයා හිතන්නෙ අනිත් ළමයි එයාට විරුද්ධව ටීචර්ට කේලම් කියන්ව කියල. ඒවගේම බොරු කියන්නත් ගොඩක් දක්ෂයි. බොරු කියන්නෙත් අනිත් මිනිස්සු ගැන තියන සැකේ නිසා. හැබැයි පොඩි දේටත් ඉක්මනින් කලබල වෙනව.
ඉතින් ගමේ අය හයිඩි ගැන මෙහෙම කාතාවෙද්දි ඒව නොපිලිගත්ත කෙනෙක් හිටිය. ඒ තමා මිස්ටර් බ්‍රිජ්. මිස්ටර් බ්‍රිජ් කියන්නෙ ඔය හරහා වැටුනු කතාකරන පාලම. හැබැයි මේ පාලම කතාකරන්නෙනම් හයිඩි එක්ක විතරයි. එනිසා මිස්ටර් බ්‍රිජ්ගෙ එකම යාලුව හයිඩි. හයිඩිගෙත් එකම යාලුව මිස්ටර් බ්‍රිජ්. ඉතින් මිස්ටර් බ්‍රිජ් හිතුවේ ගමේ අය මොනා කිව්වත් ඒ එයාගෙ හැටි කියල. එහෙම හැසිරෙන්නෙ එයගෙ විනීත කම නිසා වෙන්නැති. හැබැයි මිස්ටර් බ්‍රිජ් එක්කනම් හයිඩි හරිම මිත්‍රශීලී.
හයිඩි ගියෙ ඔයෙන් එගොඩ තියන පුංන්චි ඉස්කෝලෙට. ඉතින් ඔයෙන් එගොඩ වෙන්න හයිඩිට ශක්තියක් උනෙ මිස්ටර් බ්‍රිජ් තමයි. මිස්ටර් බ්‍රිජ් ගොඩක් පරනයි එවගේම පෙනුමෙන් අබලන්, හැබැයි ගොඩක් ශක්තිමත්. මේ ශක්තිය ගැන මිස්ටර් බ්‍රිජ් වගේම හයිඩිත් හොදට දැනගෙන හිටිය. මිස්ටර් බ්‍රිජ් සැඩපහරකදි උනත් මිස් හයිඩිව කරදරයක් නැත්ව එගොඩ මෙගොඩ කර්නව. හැබැයි ගමේ අනිත් ළමයිනම් ඔය පාර සැරවුනු දවසට ඉස්කෝලෙ යන්නෙ නෑ. ඉතින් හයිඩි මිස්ටර් බ්‍රිජ්ට හැමදාම ස්තූති වන්ත උනා. හයිඩිගෙ එකම බලපොරොත්තුව උනේ ඉන්ජිනේරු නෝන කෙනෙක් වෙන්න. ඉතින් එහෙම වෙලා මිස්ටර් බ්‍රිජ්ව අලුත්වැඩියකරල ලස්ස්සන කරන්නයි හයිඩි මිස්ටර් බ්‍රිජ්ට පොරොන්දුවෙල හිටියෙ.
ඒත් මිස්ටර් බ්‍රිජුත් හිටියෙ ඒගැන හරිම සතුටින්. ඒත් වෙලාවකට මිස්ටර් බ්‍රිජ් හිතුවෙ,
'හයිඩි දැන් එහෙම කියුවට එයාලොකු වෙද්දී මේ පාලම මදිවෙයි.... ඉන්ජිනේරු නෝන කෙනෙක් උනාම පයින් යන්න බෑනෙ...... වාහනයක් ඕන. ඉතින් මේ පාලම උඩින් කොහොමද වාහනයක් යන්නෙ...හ්ම්ම්ම්ම්ම්.......එක ඒවෙලාවට බලමු. හයිඩිට මාව ඕනනම් මාවම අලුත්වැඩියකරල තියාගනි. එහෙම නැතත් එයගෙ තීරනේකට මම එකඟ වෙනව..කොහොමත් මේ හැමදේම අයිති හයිඩිගෙ තාත්තටනෙ'.
ඉතින් මෙහෙම ටිකින් ටික හයිඩි ලොකු ගැහැණු ළමයෙක් උනා. හොදින් ඉගෙනගත්තා. විශ්වවිද්‍යාලයට ගියා. ඉතින් ඉන් පස්සෙ මිස්ටර් බ්‍රිජ්ට හයිඩිව දකින්න උනේ කාලාතුරකින්. අවසානෙ හයිඩි එයාගෙ බලපොරොත්තුව ඉෂ්ඨකර ගත්ත. හයිඩි දැන් ඉන්ජිනේරු නෝන කෙනෙක්. මේ ආරන්ංචිය මිස්ටර් බ්‍රිජ්ට කන වැකුනෙ දවසක් ඔය අසල තිබුන තුබස ලඟ බිම්මල් කඩමින් සිටි මැඩම් ඇග්නස්ගෙනුයි , ගමේ පෙදරේරුවගෙ පව්ල ජොසපින්ගෙනුයි.
මැඩම් ඇග්නස් ගමේ දැනඋගත් හරිම කරුනාවන්ත කාන්තාවක්. ඇය දැන් විශ්‍රාමික ගුරුවරියක්.
"මැඩම් ඇග්නස්, දන්නවද වැඩක්"
"මොකක්ද ?"
"අර වස බෝම්බෙ, දැන් ඉන්ජිනේරු නෝන කෙනෙක්ලු, ලගදිලු පත්වීම ගත්තෙ".
"මොන වස බෝම්බෙද ?",
"අර මිස් හයිඩි අනේ....... හරිම උද්දච්ච ළමයෙක්......දවසක් ඉස්කෝලෙදි අපේ දූ එයාගෙ පැන්සල හොරෙන් ගත්ත කියල බොරුවට චෝදනා කරල හොදටම රන්ඩුවෙලා... ඉතින් දූට කියනවලු අපේ වගේ පොහොසත් මිනිස්සුන්ගෙ දේවල් හොරකන් කරන්නමයි තමුසෙල වගේ දුප්පත් මිනිස්සු බලාන ඉන්නෙ කියල...පස්සෙ පැන්සල එයාගෙම බෑග් එකෙ අඩියෙ තිබිල හම්බවෙල.... ඒත් සමාවවත් අරන් නෑ, එහෙව් මිනිස්සුන්ටමයි හරියන්නෙ. "
මැඩම් ඇග්නස් බිම් මල් කඩා ඇයගේ මල්ල තුලට දාගන්න ගමන් ජොසපින්ට පොඩි අවවාදයක් දෙන්න හිතුව.
"හ්ම්ම්ම්ම්ම්ම්..... ජොසපින්...මේකයි...මිනිස්සුන්ට දේවල් ලැබෙන්නෙ නොලැබෙන්නෙ ඒ ඒ පුද්ගලය කලින් ආත්ම වලදි සහ මේ අත්මෙදිත් කරන කියන දේවල් අනුව....කලින් අත්මෙක මිස් හයිඩි කල හොද දෙයක් නිසා තමයි මේ ආත්මෙදි එයා ලස්සනට, ලොකු පව්ලක ඉපදිල ඉන්ජිනේරු නෝන කෙනෙක් වෙන්නත් වාසනාව පෑදුනෙ.... හැබැයි ජොසපින් අපි ඒක තේරුම් අරන් මේ අත්මෙදි ජීවත්වෙන්න ඕන... මොකද අපිට ලැබුනු දේවල්නිසා ඔලුව උදුම්මගෙන අනිත් මිනිස්සුන්ව බාල්දු කරන්න ගත්තොත් අපහාස කලොත් ඒ කර්මය අපිට මේ අත්මෙ නැතිනම් ඊලග අත්මෙදි හරි පඩිසන් දෙන්ව... ඔය ගොඩක් ලොකු පවුල් වල අය අවසානෙ කිසිදෙයක් නැතුව අසරණ වෙන්නෙ... කොහොමත් කවදාවත් තවත් කෙනෙක්ට අපහාස කරන්න හොද නෑ ජොසපින්... හැමදේම වෙන්නෙ අපේ හිතට අනුව... කොච්‍චර බන භාවන කලත් වැඩක් නෑ ජොසපින් අපේ හිත අපිරිසිදුනම්..... අපි කෙනෙක්ට දිගින් දිගට වෛර කලොත් සාප කලොත් ඒක අපේ යටි සිතේ තැන්පත් වෙනව... ඉතින් අවසානෙ මොකද වෙන්නෙ, අපිටම වෛර කරගත්ත වගේ ඒ හිතපු නරක සේරම අපිටයි වෙන්නෙ....අනිත් කෙනාට නෙමෙ."
" ඒ කියුවෙ මැඩම් ඇග්නස්, මට ඒක පැහැදිලි මදි ".
ජොසපින් නලල රැලිගන්වා මැඩම් ඇග්නස්ගේ කාතාව තවදුරටත් පැහැදිලි කරගැනීමෙ අටියෙන් ඇයදෙස බලා විමසුවාය.
"හොදයි හිතන්න ඔයාට තරහ කාරයෙක් ඉන්නව, ඔයා හිතන්ව අනේ මුගෙ අතක් කකුලක් කැඩිල යන්නෙ නෑනෙ කියල.. ඕක දිගින් දිගට හිතද්දි අපේ යටිසිත තෙරුම් ගන්නෙ තමන්ගෙ අතක් කකුලක් කැඩෙන්න කියන එකයි මේ ඉල්ලන්නෙ කියල... අවසානෙ මොකද වෙන්නෙ.. අර මනුස්සයගෙ නෙමෙ තමන්ගෙයි අත්පය කැඩෙනෙ, තේරුනාද?. "
"හ්ම්ම්ම්. ටිකක් විතර"..
"අනිත් දේ ජොසපින් මනුස්සයෙක් නරක වැඩක් කලා කියමුකො.. අපි ඒගැන දොස් කිය කිය ඒ මනුස්සයට බැන බැන ඉන්න එකෙන් අපිටමයි කර්ම එකතුවෙන්නෙ.. එක දෙයක් ජොසපින් ස්වභාවධර්මය කාටවත්ම අසාධාරණයක් කරන්නෙ නෑ...අපිට නරකක් කල කෙනෙක්ගෙන් අපි පලිගන්න හිතන්න හොදනෑ... ඒදේ මගඇරල අමතක කරල දාන්න... ඒ වැරද්දට දඩුවම ස්වභාවධර්මය අනිවර්‍යෙන් ලබා දෙන්ව.. ඒනිසා තමන් ඒගැන මහන්සිවෙන්න ඕනනෑ."
"ඒක ඇත්ත මැඩම්".
ජොසපින් කතාව අනුමත කරමින් ඔලුව වැනුවාය.
" තව දෙයක් ජොසපින්....අපි කෙනෙක්ට දිගින් දිගට අවමන් කරල ඒ මනුස්සයව මානසිකව වැට්ටුවොත් කොච්චර හොඳ කෙනෙක්ගෙන් උනත් ඉවස්සීමෙ සීමාව පැනල තමන්ට වැරද්දක් වෙන්න පුලුවන්.. හැබෙයි ඒක ඒ මනුස්සය හිතාමතා කරන දෙයක් නෙමෙ.. අවස්තානුකූලව ඇතිවුනු මානසික බිදවැටීම නිසා සිදුවන දෙයක්.. හැබැයි පස්සෙ ඒ මනුස්සය ඒ ගැන කම්පාවෙයි... ඒත් එහෙම හොද කෙනෙක්ව ඒ තත්වෙට ඇදල දාන එකත් පවක් ජොසපින්".
"ඒවගේම මැඩම් මට හිතෙන්නේ ඒ හොද කෙනා උනත් ඒකෙන් සිද්ධකරගන්නෙ පවක්".
ජොසපින් තමන්ගෙ අදහසත් ප්‍රකාශ කලේ තමනුත් යමක් කමක් දන්නා බව හැගවීමටය.
"ඔව් ඔබ හරි ජොසපින්".
මැඩම් ඇග්නස් ජොසපින්ගේ කතාව අනුමත කරමින් හිස සැලුවාය. ජොසපින් ජයග්‍රාහීලෙස සිහින් සිනාවක් පාමින් බිම්මල්ක් කඩා තම මල්ලට දමාගත්තාය.
ඉතින් කවුරු වැරදි දැක්කත් මිස්ටර් බ්‍රිජ්නම් කවදාවත් හයිඩිගෙ වැරද්දක් දැක්කෙ නෑ. මිස්ටර් බ්‍රිජ් හිතුවෙ මිනිස්සු ඉරිසියාවට කියන කතා කියල. ඒ දේවල් ඇත්ත උනත් බොරු උනත් හයිඩිගෙ පාසල් කාලෙ එයාව අදරෙන් අරක්ෂිතව එගොඩ මෙගොඩ කල තමන්වනම් කවදාවත් අමතක කරන්නෙ නෑ කියලයි මිස්ටර් බ්‍රිජ් හිතුවෙ. ඒවගේම පොරොන්දුව පරිදි තමන්ව අලුත්වැඩියා කරන්න බලාපොරොත්තුවෙන් එයා ලඟදිම එයි කියලයි යලයි මිස්ටර් බ්‍රිජ් බලාන හිටියෙ.

ඉතින් මෙහෙම කාලයක් ගෙවීගියා. එක්දිනක් මිස්ටර් බ්‍රිජ්ට අමුතු ශබ්දයක් ඇහෙන්න ගත්ත.
'ඒකනම් වාහනයක ශබ්දයක් වගේ', මිස්ටර් බ්‍රිජ් හිතුව.
ඒත් එක්කම පැමිනි කලුපැහැති මෝටර් රථයෙන් දැකල පුරුදු මුහුනක් එලියට ආව.
'අහ්.. මේ හයිඩි නේද, කවුද එතකට එයා එක්ක ඉන්න අනිත් කෙනා'. මිස්ටර් බ්‍රිජ් කුතුහලයෙන් යුතුව සිතන්නට ගත්ත.
හයිඩි පාලම දෙසට පියනගන ගමන් ඇය සමග පැමිනි හැඩිදැඩි පිරිමි පුද්ගලයට කතාකලා.
"මාලන්, පොඩ්ඩක් මෙහාට එන්න".
"ඔවු හයිඩි" .
ඔහු තමන්ගෙ අව් කණ්නාඩි යුඟල ගලවා කමිසයේ සාක්කුවට දාගනිමින් ඉදිරියට එන ගමන් විමසුවා.
"මේ තමා මාලන් මම කීව පාලම, හරිම අබලන් ඒවගේම පරනයි පටුයි.. අපිට මෙතනින් එහාට යන්න වෙන්නෙ පයින්, මම හැමදාම එගොඩ මෙගොඩ උනෙ මේ පලෙමෙන් තමයි... ඒත් කරන්න දෙයක් වෙන තිබුනෙ නෑ... මම ඔයාගෙ අම්මවයි තාත්තයිවත් එක්කන් ආවෙ නැත්තෙ මට කියන්න ලැජ්ජයි හරිහමන් පාරක්වත් නැද්ද මගෙ ගෙදරට යන්න කියල හිතයි කියල...මට එහෙම හිතද්දි ගොඩක් ලැජ්ජ හිතුන.. මට පුදුම වෛරයක් ඇතිඋනෙ මේ පාලම ගැන... මට දැන් සල්ලි තියන්ව... මට ඔයත් ඉන්නව මට පොඩිකාලෙ තිබුන එකම බලාපොරොත්තුව මාලන් ඉන්ජිනේරුවෙක් වෙලා මේ පාලම කුඩුපට්ටම් කරල දාල අලුත් පාලමක් හදන එක... මේක මහ ජරාගොඩක්.... ".
මිස්ටර් බ්‍රිජ් පුදුමවුන..
'හයිඩි කොහොමද මන්ගැන මෙහෙම හිතන්නෙ.. මමනෙ එයා පොඩි කලෙ ඉදන් මේ ගගෙන් ආරක්ෂිතව එගොඩ මෙගොඩ කලේ...එයා මාත් එක්ක ආදරෙන් කතාබහ කරල හිටියෙ බොරුවටද ?...මේකනම් වෙන්න බෑ.'
මිස්ටර් බ්‍රිජ් හිතුව.
"මාලන් මට උදවු කරන්න මේකට...මගේ හිතේ තියෙන්නෙ මෙතන ලොකු පාලමක් හදල ගමේ තියන ඉඩම් ස්ංවර්ධගනය කරල විකුනල දාල අම්මයි තත්තයි එක්ක නගරෙට යන්න".
හයිඩි මාලන්ගෙ අත අල්ලමින් බැගෑපත් ස්වරූපයෙන් ඉල්ලා සිටිය.
"ඔවු හයිඩි අපි එහෙම කරමු, දැන් අපි යමුද ?".
ආපසු හැරී මාලන් මෝටර් රථය දෙසට ගියේ හයිඩිගෙ ගමන්මල්ල රැගෙන ඒමටය.
ලැබුණු අවස්තාවෙන් මිස්ටර් බ්‍රිජ් හයිඩිට කතාකලේ දුක්මුසුව සහ කුතුහලයකින්ද යුතුවය.
"මිස් හයිඩි.. ඔයා මන්ගැන හිතන්නෙ ඔය දැන් කියුව විදියටද ?".
කට කොනකින් හිනාඋන හයිඩි,
"මිස්ටර් බ්‍රිජ් .. උදවු ගත්තට හැමදේම අපි කරේ තියාගෙන යන්න ඕන නෑනෙ නේද ?, එහෙම කරන්වනම් මන්නම් හිතන්නෙ ඒක මෝඩකමක්, මගේ දර්ශනේට අනුව අවස්තාවට අනුව ලඟ තියන ඕනම දේකින් අපි ප්‍රයෝජන ගන්න ඕන... වැඩේ ඉවරනම් අපිට ගැලපෙන්නේ නැත්නම් දිගටම තියන් ඉන්නෙ ඇයි අපි... එහෙම කලොත් හැමදාම ඉන්නවෙන්නෙ එක තැන".
"ඔව් හයිඩි.. ඒක ඇත්ත.. ඔබේ මේ මාර්ගයට මම දැන් සුදුසු නෑ. ඔබේ වාහනයවත් පාලම හරහා ගන්න බෑ.. හැබැයි ඇත්තටම ඔබ මාගැන කතාකල විදියට මට ගොඩක් දුක හිතුන.. හිත රිදුන.. මම පාලමක් උනත් හැගීම් දැනිම් තියන පාලමක්.. හයිඩි ඔයා ඉන්ජිනේරුවෙක් වුනාම මට අලුත් පෙනුමක් දෙනව කිවුවම මම ඒගැන බලාපොරොත්තු තියාගෙන හිටිය තමයි... ඒත් ඔබ සාර්ථක වෙලා ආව දවසට මම කියන්න හිටියෙ මාව ඔබේ මේ මාර්ගයට සුදුසුනැත්නම් මාව මෙතනින් අයින් කරල හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න ලොකු පාලමක් හදන්න කියල...ඒකට මට දුක නෑ... මට දුක ඔබ මාගැන කතාකල විදියගැනයි හයිඩි".
වාහනේ දෙසට හැරුනු හයිඩි ඔලුව ගස්සා,
"මට ඒව අදාල නෑ, මම යන්ව.. ඔහෙත් එක්ක නාස්තිකරන්න කාලයක් මට නෑ.. ජරා පාලම..හහ් හහ් හහ් හා.....".
වියරු සිනහවක් පාමින් හයිඩි යන්න ගියේ අසල තිබූ ගල්කටද පයින් ගසාගෙනය.
---- නිමි ----
රචනය: සරත් මහින්ද විජ්රත්න.
Comments
Post a Comment