සිතට වසන්තය ගෙන ආ සැබෑ වසන්තය.✍️✍️

සිතට වසන්තය ගෙන ආ සැබෑ වසන්තය

Chungnam National University 

ශීත කාලය නිමාවෙමින් පවතී. ගස් වල අතුපතර රැදි හිම වලාකුලු කෙමෙන් කෙමෙන් ජල බිදිති බවට පත්ව පොලව මත පතිත වන්නේ ගස මුල තැන්පත්ව ඇති හිම තට්ටුව මත කුඩා කුඩා ආවට සාදමිනි. දියවෙමින් යන හිම මත මිනිසුන් එහාමෙහා යාම නිසා ඇතිවන තෙරපුමෙන් කණ්නාඩියක් මෙන් ඔප මට්ටම් වන්නේ තරුණ කෙල්ලන් කොල්ලන්ගේ දාන්ගලය අඩුකිරීමට දඩුමක් වශයෙන් පය ලිස්සා යාමට සැලැස්වීමට ස්වභාවධර්මය යොදන උපක්‍රමයක් ලෙසිනි. ශීත සෘතුවේ දුෂ්කරම කාලය ගෙවාදැමුවත් මෙම මටසිලිටු හිම මත ඇවිදීම තරම් දුෂ්කර කර්තව්‍යයක් තවත් නැත. කෙසේ වෙතත් සමහරුන්ටනම් මෙය විනෝදාත්මක අත්දැකීමකි.

"ජීයොන්..... ළමයො මොකද ඔය දාන්ගලේ වැටිල මැරෙන්නද හදන්නේ "

"නෑ අම්මා... මේ මල්ලි ඉන්න දෙන්නෙ නෑ"

"දෙන්නම දගළල වැටිල කොන්ද කඩාගත්තම හොදයි කැම්පස් එකටත් යන්න බැරිවෙන්න"

ජීයොන් මෙවර තේජෝන්හි චුංන්ග්නාම් ජාතික විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයට අතුලත් වීමේ බලපොරොත්තුවෙන් ඉන්නා ටිකක් ගුප්ත ගැහැණු ළමයෙක්. ඇයගේ මුල් ගම ග්වන්ජු උවත් තම මව පියා සහ සහෝදරයා සමග තේජෝන් පැමිනෙන්නේ ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට ඇත්තේ තවත් දින කීපයක් බැවින් යුසොංග්හි ජීවත්වන තම මවගේ සොහොයුරා වන හෝ කිම් සහ ඔහුගේ බිරිඳ සමග නවතා යෑමේ අරමුනින්ය. යුසොංග් යනු කොරියාවේ තේජෝන් මෙට්‍රොපොලිටන් නගරයට අයත් එක් පරිපාලන දිස්ත්‍රික්කයකි. යුසොංග් අධි තාක්ෂණික කර්මාන්තශාලා , විශ්වවිද්‍යාල සග සංචාරක ව්‍යාපාර සඳහා වෙන්කල නවීන සහ සුන්දර නගරයකි. යුසොංග්හි කයිට්ස් වැනි කොරියාව තුල ඉතාමත් ප්‍රසිද්ධ අංක එකේ විශ්වවිද්‍යාලයද පවතින අතර චුංන්ග්නාම් ජාතික විශ්වවිද්‍යාලයත් ප්‍රධාන තැනක් ගනී. එහි පශුවෛද්‍ය පීඨයට ඇතුලත්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන අතර එය බොහෝ කොරියානු දරුවන්ගේ සිහිනයකි.

තේජෝන් ප්‍රධාන බස් නැවතුමෙන් පිටතට පැමිනි ජීයොන් ඇතුලු සිය පව්ල ප්‍රධාන මාර්ගය අසල රැදී සිටියේ එතැන්සිට පැය භාගයක පමන දුරින් වූ යුසොංග් බලා ගමන් කිරීමට කුලී රථයක් බලාපොරොත්තුවෙනි.

"ඔබතුමන්ල කොහෙටද යන්නෙ"

ඉතාමත් සුහදශීලී ලෙස එහි පැමිනි කුලීරථ රියදුරු විමසුවේය.

"අපිව යුසොංග් වලින් බස්සන්න පුලුවන්ද ?... යුසොංග් උමං දුම්රිය පොළ අසලට"

ඉදිරි රියදුරු අසුනට එබුනු ජීයොන්ගෙ පියා රියදුරු තැනට තම ගමනාන්තය විස්තර කලේය.

"හොදයි කරුණාකර ගොඩ වෙන්න මහත්මය මම ගමන්මලුටික ඩිකියට දමන්නම්"

රියදුරු මෝටර් රථයෙන් බැස ඩිකිය ඇර ගමන් මලු එහි බහාලන අතරතුර ජීයොන් පව්ල මෝටර් රථයට ගොඩ විය. ජීයොන්ගෙ මව සහ පියා
තම දඟකාර දියනිය තම සහෝදරයාගේ නිවසෙහි නවතා නැවතත් ග්වන්ජු බලා පිටත්ව ගියේ කදුළු පිරි දෙනෙතින් යුතුවය.

විශ්වවිද්‍යාලයේ පලමු දවස උදාවිනි. නැවුම් බලාපොරොත්තුද හිසේ දරාගනිමින් චුංන්ග්නාම් ජාතික විශ්වවිද්‍යාලයේ ආරුක්කුවක හැඩය ඇති ප්‍රධාන පිවිසුම තුලින් ජීයොන අතුළු වූයේ හිතේ කුඩා චකිතයකුද කැටිවය.

පළමුව විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ තිබූ රැස්වීමට සහබාගී වීම සඳහා ඇතුලු වූ ජීයොන් දුටුවේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් විශාල ප්‍රමානයක් රැදී සිටි අයුරුයි.

"කොහෙද මනුස්සයො ඇගේ හැප්පෙන්නෙ..කොරත් ගහ ගහ එනව මෙතන....ඇස් පේන්නෙ නැද්ද ?"

සුළු දේට පවා තරහ ඇතිකර ගන්නා ජීයොන් දෝෂාරෝපණය කලේ දොර අසල සිටි තම උරහිසේ හැපී ශාලාවට අතුළුවීමට තැත්කල අහින්සක තරුණයෙකුටය.

"මට සමාවෙන්න ... මට සමාවෙන්න... මගෙ මේ කකුලෙ කොරේ නිසයි හැප්පුනෙ මගෙයි වරද"

කොරියානුවන්ගේ සාමාන්‍ය අචාර කිරීමේ සම්ප්‍රදායට අනුව හිස නමමින් සමාව අයැදි තරුණයා කොර ගසමින්ම ශාලාව තුලට ගොස් කෙලවරක තිබූ අසුනක අසුන්ගත්තේය. ජීයොන් තරහෙන් පුපුරමින් ගොස් තරමක් ඉදිරියෙහි වූ අසුනක අසුන්ගත්තේ නැවත පිටුපස බලා තම ඇගේ හැපුනු තරුණයාට රවමින්ය.

නවක ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ඇතුලත්කර ගැනීමෙන් අනතුරුව වසන්තයේ අධ්‍යන සාමාසිකය ඇරඹුනි. ජීයොන්ද ඉතා උනන්දුවෙන් තම අධ්‍යාපන කටයුතු කර ගත්තද අනික්ළමුන් සමග රන්ඩුවක් ඇතිකර නොගත් දිනයක්නම් නැත.

"චිං සුන්.... තමුන් මොකද හැමතිස්සෙම මගේ වැඩදිහා බලන්නෙ... ගිහින් මහාචාර්ය තුමාට කේලමක් කියන්න මොනාහරි හොයාගන්න නේද ?.. අනේ ඇත්තමයී....."

පංතිකාමරය තුල ජීයොන්ගේ සුපුරුදු වාග් ප්‍රහාරයට ලක්වූ චිං සුන් ජීයෝන්ගේම ශිෂ්‍ය කණ්ඩායමේ තවත් ශිෂ්‍යාවකි. චිං සුන් ඉතා සුහදශීලී ශිෂ්‍යාවක් වූ අතර ජීයොන් සමගද සුහදවීමට කෙතෙක් තැත්කලද එය පහසු කටයුත්තක් නොවීය. ජීයොන්ගෙ මෙම හැසිරීම පිලිබඳව අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ගේනම් එතරම් පැහැදීමක් නොතිබුණි.

"අනේ නෑ ජීයෝන්.. එහෙම දෙයක් නෑ.. මම නිකම් බැලුවෙ.. අද හවස මායි චුං චායි, ඉන්සොයි ගුන්දුං යනව රෑ කෑමට.. කම්මැලීනම් ඔයාටත් පුලුවන් එකතුවෙන්න"

ගුන්දුං යනු විශ්වවිද්‍යාලය පිටුපස පිවිසුමෙන් පිටවූ වහාම හමුවන ආපනශාලා, තැබෑරුම්, බාබර් සාප්පු වැනි කඩ සාප්පු වලින් සමන්විත ප්‍රදේශයකි. සිකුරාදා රාත්‍රියට මෙම ප්‍රදේශය සැනකෙළි භූමියකි. තරුණ තරුණියන්ට හිතේ හැටියට විනෝදවීමට අවශ්‍ය සියලුම දේවල්වලින් සමන්විත දිව්‍යලෝකයක්යැයි ඇතමෙකුට සිතේ.

කොරියානුවන් බෝජන සංග්‍රහයකට ආරාධනා කිරීම තමාට කරන ගෞරවයක් ලෙස සැලකුවද ච්ං සුන් කල ආරාධනය පිලිබඳව ජීයොන් නම් වැඩි තැකීමක් දැක්වූයේ නැත.

"අනේ මේ මට තමුන්ලත් එක්ක කන්න ඕන නෑ... මට ඕනතරම් කෑම ගෙදර තියනව"

ජීයොන් ප්‍රකාශ කලේ මූනිච්චාවටමෙන් සිනහවක්ද පාමිනි.

"හොදයි ජීයොන් ඔබේ කැමත්තක්... හදිසියෙවත් එන්න හිතුනොත් මට කතා කරන්න"

චිං සුන් සංසුන්ව ප්‍රකාශ කලේය.

"අනේ මේ යන දිහාවකට යනව වද නොදී.. ඇයි වදේ"

ජීයොන් නැවතත් ආරධනය ප්‍රතික්ෂේප කලේ චිං සුන්ට බැන වදිමිනි. ච්ං සුන් කිසිත් නොපවසාම තම පොත් බෑගයද අතට ගෙන පංති කාමරයෙන් නික්ම ගියේය. විශ්වවිද්‍යාලයට පැමිනි පළමු දිනෙහිදම ජීයොන්ගේ දෝෂාරෝපණයට ලක්වූ විශ්වවිද්‍යාලයේ පලමු ශිෂ්‍යයා වන තම වම් කකුලේ කොරයක්ද වූ බියුං හූ අධ්‍යාපනය ලැබුවේද ජීයොන්ගේ ශිෂ්‍ය කණ්ඩායමේමය. විවෘත මනසකින් යුත් බියුං හූ වැඩි කලබලයක් නැති වැඩි කතාබහක් නැති නමුත් ඔනම කෙනෙක් සමග සිනහවෙන කතාකලොත් කුලුඋපගුව කතාකරන කාගෙවත් හිත් රිදවීම්ට නොහැකි ශිෂ්‍යයෙකි. ඔහු ජීයොන්ගේ මෙම හැසිරීම පිලිබද අවදානයෙන් සිටියේය.

'අනේ මන්ද මේ ළමයනම් කවද හරි ලොකු අමාරුවක වැටෙනව මේ විදියට හැසිරුනොත් දිගටම'

ජීයොන් සහ චිං සුන් අතර සිදුවූ සංවාදයට සවන්දී සිටි බියුං හූ තනිවම කල්පනා කලේය.

සති අන්තය නිමාවීය. සීත සෘතුවෙහි පතිතවූ හිම කැට සියල්ලම වාගේ දියවී ගොස් හමාරයි. අතු පතර ළා කොළ පැහැයෙන් දළුලමින් වැඩෙන කුඩා පත්‍ර සුන්දර වසන්තයේ අරම්භය සනිටුහන් කරමින් තම රාජකාරිය අරාම්භ කිරීමට ලහි ලහියේ සූදානම් වෙයි. තවමත් සිසිල් සුළං දසත හමාගියද එය අපහසුතාවයකට වඩා ඇගට ඇතිකළේ සෞම්‍ය හැගීමකි.

උදාවූ නව සතියේ ජීයොන් ඇතුලු සියලු ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පංතිකාමරය තුල රැස්ව සිටියේය. ජීයොන්ගේ මේසය මත වෙනත් කෙනෙකුගේ බෑගයක් දුටු ඇය තරහින් පුපුරන්නට විය.

"කාගෙද මේ බෑග් එක.... විසිකරන්න කලින් කියනවද නැද්ද?"

ජීයොන් බෙරිහන් දෙන්න පටන් ගත්තේය.

මද වේලවකින් එතනට දුව ආවේ පංතියේ සිටි අහිංසකම ගැහැණු ළමයා වූ ගෝයුංය. ආවිගසම තම බෑගය අතට ගෙන පැත්තකට වූ ගෝයුං බෑගය දෙඅතින්ම තම පපුවට තුරුළු කර බිම බලාන බැගෑපත් ස්වරයෙන් ජීයොන්ගෙන් සමාව අයැද සිටියාය.

"අනේ මට සමාවෙන්න.. මම හිතල කලේ නෑ.. මම පොඩ්ඩක් බෑග් එක මෙතන තියල වැසිකිලියට ගියා."

රතු වන් වූ ඇස්‍ යුවල ජිල්බෝල දෙකක් තරමින් ලොකුකරමින් ජීයොන් ගෝයුං දෙස රවා බැලුවේ රාක්ෂියක මෙනි.

"යනව යන්න මගෙ දෑහට නොපෙනී"

ජීයොන් තරහින් පුපුරමින් බැන වැදුනාය.

මේ සිදුවීම බලාසිටි පන්තියේ අනෙකුත් ළමුන්ට තම ඉවසීමේ සීමාව පසුකර තිබිනි. සියලළුදෙනාම කතාකලේ මෙයනම් තවත් බලාසිටි නොහැකි බවයි. මෙතෙක් දවස් ජීයොන්ගේ තාඩන පීඩන ඉවසාසිටි ළමුන් සිද්ධිය පිලිබද සහ පෙර සිදුවීම් පිලිබඳවද මහාචාර්යතුමාව දැනුවත් කලේය. සිදුවීම් වලට නිදහසට කාරනා විමසූ මහාචාර්යතුමා ජීයොන්ට තරයේ අවවාද කලේ නැවත මෙවැනි සිදුවීම් ඇතිවිය නොහැකි බවයි. මේ සිදුවීමෙන් පසු ජීයොන්ට බියෙන් සිටි අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ජීයොන්ව කොන් කිරීමට තැත්කලේය. ක්ණ්ඩායම් වැඩවලදී පවා ඇයව හවුල් කර නොගත්තෝය. ජීයොන්ට මෙය මහත් අපහසුතාවයක් දනවන කාරනයක් වගේම විශාල තරහක්ද ඇතිකරවන කාරනයක් විය. නමුත් මහාචාර්යතුමාගේ දැඩි අවවාදය නිසා කෙසේහෝ තම තරහ පාලනය කර ගත්තේ තමන්ව විශ්වවිද්‍යාලයෙන් නෙරපනු ඇති බවට ඇතිවූ බිය නිසාවෙනි. සති අන්තයේ සැන්දෑවක තමන් හට අත්ව ඇති ඉරනම සන මීට පෙර මුහුනපෑමට වූ හිත් රිදීම් පිලිබද ජීයොන් ටෙනිස් පිටිය අසළ මාර්ගය පසෙක වූ බංකුවක් මත හිදගෙන කල්පනා කරමින් සිටියාය.

"ජීයොං .... අද ටිකක් සීතල දිනයක් නේද. මෙන්න මම ඔයාටත් එක්ක කෝපි එකක් ගෙනාව"

දුර තියාම ජීයොන් දුටු බියුං හූ ආපනශාලාවට ගොස් තමාට සහ ජීයොන්ටද කෝපි කෝප්ප දෙකක් රැගෙන ඇයට කතාකලේ බ්ංකුවෙහි පසෙක වාඩිවන ගමන්ය.

නිශ්ෂබ්දව බලාඋං අතම බලාසිටි ජීයොන් බියුං හූ ගේ පැමිනීම පිලිබඳව නොදැනුනේය. බියුං හූ නැවතත ඇයව ඇමතීය.

"ජීයොන් බර කල්පනාවක වගේ"

එකවර ගැස්සී බියුං හූ දෙස බැලූ ජීයොන් බියුං හූ ට බැනවැදුනාය.

"අනේ මට ඉන්න දීල කරුණාකරල යන්න මෙතනින්"

ජීයොන් නැවත තම කල්පනා සයුරේ කිමිදෙන්නට විය.

"අපි වපුරන දේ තමා අපිට අස්වැන්නක් විදියට ලැබෙන්නෙ ජීයොන්... අපිට වී වපුරල තිරිඟු ගන්න බෑ"

බියුං හූ ප්‍රකාශ කලේ තම කෝපි කෝප්පය පානය කරන ගමන් ජීයොන්හට ගෙනා කෝපි කෝප්පය බංකුව මත තමන් සහ ජීයොන් අතරින් තබන අතරතුරය. ජීයෝන් කිසිදෙයක් නොකියා බලාගත් අත බලාසිටියේය.

"හැමකෙනෙක්ගෙම අසාමාන්‍ය හැසිරීම් රටාවන් වලට මොකක් හරි හේතුවක් තියනව.. ඒක ඔයාටයි මටයි දෙන්නටම එහෙමයි"

බියුං හූ කෝපි උගුරක් පානය කර ජීයොන් බලාසිටි ඉරියව්වෙන්ම හිද ප්‍රකාශ කලේය.

"අනෙ බියුං හූ .. කරුණාකරල මට ඉන්න දීල ඔයා යන්න ගිය ගමන යන්න."

ජීයොන් මෙවර ප්‍රකාශ කලේ ඉල්ලීමක ස්වරූපයෙනි.

"ජීයොන් ඇත්තම කියුවොත් මම යන්න හිතන් හිටිය ගමන නෙමේ මම දැන් යන්නේ.. එක වෙනස්වුනේ මීට අවුරුද්දකට කලින්..හැබැයි දැන් මම යන ගමනට කැමති...ඉස්සර අනුන් වෙනුවෙන් මම ගමනක් ගියා..දැන් මම ගමන යන්නෙ මං වෙනුවෙන්... දැන් මම මටම ආදරේ කරන්න පටන් අරගෙන.. ඔයත් ඇයි එහෙම නොකරන්නෙ."

බියුං හූ ජීයොන් දෙස බලා කකුලක් උඩ කකුලක් දාගනිමින් හරිබරි ගැසී බංකුවේ ඇන්ද දෙසට ඇලවී ප්‍රකාශ කලේය.

"බියුං හූ දෙස බැලූ ජීයොන් ඔයා දැන් මොකද්ද අදහස් කරන්නෙ.. මට තේරෙන්නෙ නෑ මොන විකාරයක් කියවනවද කියල.. පංතියේ අනිත් ළමයි වගේ ඉන්නෙ නැතිව මොකටද මාත් එක්ක කතාකරන්න ආවෙ."

බියුං හූ දෙස බැලූ ජීයොන් චෝදනාමුඛව ප්‍රාකාශ කර නැවතත් සුපුරුදු ඉරියව්වට පැමිනියාය.

ජීයොන්ගේ කතාව නිමවනතුරු ඇයගේ දෑස් දෙස බලාසිටි බියුං හූ මද සිනහවක් පා නැවතත් ජීයොන් ව අනුකරණය කරන්නාක් මෙන් ජීයොන් සිටි ඉරියව්වටම පැමිනියේය.

"මට ඔයත් පංතියේ අනිත් අයත් හැමදෙනාම එකයි... මම කාගෙන්වත් කිසිදෙයක් බලාපොරොත්තු වන්නේ නෑ.. ඉතින් මම ඇයි ඔයා එක්ක අමනාප වෙන්නේ..ඔයා මට බැන්නත් මට ඒක අදාල නෑ. මොකද ඒක ඔයාගෙ ප්‍රශ්නයක් මිස.. මගේ නෙමේ... පංතියේ ළමයින්ට එහෙම හිතන්න බැරිඋනා.. ඒකයි ඔයාට දැන් ඒගොල්ලො එහෙම සලකන්නෙ.. හොදම දේ ඔයා දැන් හිතන්න ඔයාට දොස් කියන එක එයාලගෙ ප්‍රශ්නයක් මිසක් ඔයාගෙ නෙමේ කියල"

"අනේ මට ඕව තේරෙනෙ නෑ"

ජීයොන්ගේ තරහ තරමක් අඩුවූයේ තමන් හැමෝගෙන්ම කොන්වී සිටියදී බියුං හූ පමනක් තමාව තේරුම්ගෙන ඇතිබව වැටහීම නිසාවෙනි.

"මේ කොපි එක බොන්නකො.. එතකට වැටහේවි"

අවංක සිනහවකින් යුතුව බියුං හූ කෝපි කෝප්පය ජීයොන් වෙත දිගුකලේය. කෝපි කෝප්පය අතට ගත් ජීයොන් කිසිත් නොපවසාම ඉන් උගුරක් ගිල නැවතත් සුපුරුදු ඉරියව්වට විත් කල්පනාවේ නිමග්න විය.

"ජීයොන් දන්නවද මටත් ඉස්සර ආදරේ කරන කෙනෙක් හිටිය... දැන් තනිකඩයි... මාරම නිදහසක් දැනෙන්නෙ"

බියුං හූ සිහින් සිනහවක් පාමින් ප්‍රකාශ කලේය. ජීයොන් කිසිම ප්‍රතිචාරයක් නොමැතිව බලාඋන් අතම බලා සිටියාය.

"ඇත්තටම අපි ගැලපුනේ නෑ... එයා හිතන විදිය වෙනස් මම හිතන විදිය වෙනස්... ඒඋනාට මොඩකමට මම එක නවත්තන්න ඉස්සර උනේ නෑ.. මම හිතුවෙ එයා හැදෙයි කියල කාලයත් එක්ක.. ඒත් එහෙම උනේ නෑ... එයාගෙ හිතෙ තිබුන කෙනා හම්බවුනා එයා ගියා.."

බියුං හූ කෝපි උගරක් පානයකර සිනහවක්ද පාමින් තම පසුගිය අත්දැකීම් විස්තර කිරීමට සැරසුනේ ජීයොන් ගේ හිතේ ඇති ගැටලුව දැනගැනීමේ අදහසිනි. ජීයොන්ගේ මෙම හැසිරීමට කිසියම් හෝ හේතුවක් තිබියයුතු බව බියුං හූ හට වැටහී තිබුනි.

"හ්ම්ම්ම්..... ඒඋනාට අපි ගොඩාක් බලාපොරොත්තු තියාන හිටිය දෙයක් එකපාරම නැතිඋනාම හිතට ලොකු දුකක් දැනෙනව"

ජීයොන්ගේ ගැටලුව සම්බන්ධ පලමු වෙඩිමුරය දැල්වින. බියුං හූ සැනෙන් කතාව ඇරඹීය.

"ඒව එහෙම තමා ජීයොන්... අපේ හිත අපේ ශරීරය උනත් සෑම තත්පර ගානකට සැරයක් වෙනස් වෙනව...අපට වෙනසක් නොපෙනුනත් අද තියන ශරීරය නෙමේ හෙට තියෙන්නේ..ඉතින් අපිට අපේ වෙනස්වීම පාලනය කරගන්න බැරිඑකේ කොහොමද අනිත් අයව වෙනස්වෙන එක වලක්වගන්නෙ."

බියුං හූ ජීයොන් දෙස දෑස් යොමුකර ඉතා අවධානයෙන් ප්‍රකාශ කලේය.

"අනේ මන්ද මට තේරෙන්නෙ නෑ"

ජීයොන් කල්පනාවක නිමග්නවම ප්‍රකාශ කලේ බලාපොරොත්තු සුන්වූ පුද්ගලයෙක් ලෙසින.

"මන් දෙයක් ඇහුවොත් ජීයොන්ගෙ හිත පෑරෙන එකක් නෑ නේද ?"

බියුං හූ තමන්ගේ ප්‍රශ්නය යොමුකිරීම සඳහා ජීයොන් ගේ අවසරය පැතුවේය.

"හ්ම්ම්... අහන්න"

"අපි විශ්වවිද්‍යාලයට ආවදවසෙ ඉදල මම දැකපුදෙයක් තමා ජීයොන් පොඩි දේටත් තරහ ගන්නව.. මට තේරුන දෙයක් ඔයා නරක කෙනෙක් නෙමේ..ඒත් ඔයාගෙ පහුගිය අත්දැකීමක් ඔයාව නරක කෙනෙක් බවට පත්කරල කියලයි මට හිතුනෙ.. ඉතින් මට අහන්න ඕනවුනේ මම හිතපුදේ හරිද කියන එකයි."

බියුං හූ ඉතා ප්‍රවේසමෙන් තම ගැටලුව ජීයොන් හට ඉදිරිපත් කලේය.

"හ්ම්ම්ම්.. ඔව් ඔයා හරි"

ජීයොන් තම අතේ මෙතෙක්වෙලා ඇල්මැරෙමින් තිබූ කෝපි කෝප්පයෙන් උගුරක් පානය කර එය බංකුව මත තැබුවාය.

"ඔයා අදරේ කළ කෙනෙක් ඔයාව දාලගියාද ?"

ජීයොන් පානය කර අවසන් කෝපි කෝප්පය තම පය අසලින් බිමින් තබන අතරතුර ඇසුවේය.

"හ්ම්ම්.. ඔව්. මන් එයාට අදරේ කලේ මට ගොඩක් අදරේකරන කෙනෙක්ව අතෑරල... මොකද එයා තමා මගේ හිතේ හිටිය කෙනා"

ජීයොන් කල්පනාබරිතව තම කතාව අරම්භ කලාය.

"ජීයොන් කැමතිනම් මට ඔයාගෙ කතාව කියන්න.. එතකට හිත නිදහස්වෙයි"

බියුං හූ ඉතා ඕනාකමින් ජීයොන් ගේ කතාව ඇසීමට හරිබරිගැසී වාඩිවිය.

"මට කලිනුත් කෙනෙක් හිටිය.. ඇත්තම කියුවොත් එයා මට ගොඩක් ආදරෙයි.. හැම ප්‍රශ්නෙකදිම ලගින් හිටිය.. කවුරු මාව දාල ගියත් එයා දාල ගියේ නෑ.. ඒත් මට එයාගැන ඇත්තටම එහෙම හැගීමක් තිබුනේ නෑ.. එයා මගේ හිතේ තිබුන රූපෙ නෙමේ.. මන් කැමති උනේ උසමහත හැඩිදැඩි කෙනෙක්ට.. ඉතින් මට එයගෙන් ලැබුණු සහයෝගය නිසාම එයාට කියන්න හිතුනෙ නෑ එයා මගෙ හිතේ ඉන්න පුද්ගලය නෙමේ කියල.. ඉතින් මම පොරොන්දු උනා එයාව කසාද බදින්න"

ජීයොන් සුසුමක් හෙලමින් කතාව නැවැත්විය.

"ඉතින් ඇයි ඔයා පස්සෙ එයාව අතෑරියේ"

බියුං හූ මහත් උනන්දුවෙන් මදක් ඉදිරියට නැමී ජීයොන්ගේ දෑස්දෙස බලමින් විමසීය.

"අනේ මන්ද බියුං හූ .. මටත් ඒක හිතාගන්න බෑ.. ඒ අතරෙ තමා මම ඇත්තටම ආදරේ කල කෙනා මගෙ ජීවිතේට ආවෙ.. එයාට මන් කැමත්ත දුන්න දවසෙ අර කලින් කෙනාව අතෑරිය ... එයා මට ගොඩක් සාප කලා.. රන්ඩුත් උනා."

ජීයොන් වැරදිකාරී හැගීමකින් යුතුව කීවාය.

"හ්ම්ම්ම්.. ජීයොන් මේකයි ඇත්තටම අපිට ඉෂ්ට කරන්න බැරි පොරොන්දු කවදාවත්ම කාටවත් දීල බලාපොරොත්තු ඇතිකරන්න හොඳනෑ.. මොකද අපි හැමෝම මිනිස්සු ඔයාට වගේම අනිත් මිනිස්සුන්ටත් හිතක් පපුවක් තියනව.. ඉතින් හදිසි වෙනස්වීම් මිනිස්සුන්ට විතරක් නෙමේ සතුන්ටවත් දරාගන්න බෑකියන එක ඔයාට මම අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය නෑනෙ.."

බියුං හූ අවවාදාත්මකව ජීයොන් හට ප්‍රකාශ කලාය.

"හ්ම්ම්.. වෙන්නැති.. ඒත් මම හිතුවෙ මගෙ සතුට විතරයි.. පස්සෙ මන් ආදරේ කල කෙනත් මාව දාලගියා"

ජීයොන්ගේ දෑස්වලින් ගලන කදුළු කැට තමන්ම දෑතින් පිසදමමින් කීවාය.

"මට තේරෙනව ඒක නොවුනොත් තමා පුදුම.. ජීයොන් ඇත්තටම කෙනෙක්ගෙ හිතක් එක්ක සෙල්ලම් කරනඑක ජීවිතයක් නැතිකරනව වගේ පවක්.. මොකද අපි කරන දේ නිසා ඒ මනුස්සය මානසිකව වැටිල සියදිවිනසාගත්තොත් ඔයාහිතාවද ඒ පාපය ඔයාට කවදාවත් ගෙවල ඉවරකරන්න පුලුවන් වෙයි කියල.. ඉතින් ඔයා ඒ කර්මය මේ අත්මෙදිම පඩිසන්දුන්නඑකයි උනේ.. ඒනිසා ජීයොන් ඔයා හිතන්න ඔයා කලදේට දඩුවමක් විතරයි ඔයාට ඔය ලැබුනෙ කියල.. ඉතින් ඔයා සතුටුවෙන්න ඒක මේ ආත්මෙදිම ඔයා දැන් ගෙවල ඉවරයි.. අය ඒ ගැනබයවෙන්න අවශ්‍ය නෑ.. ඉතින් ඔයා දැන් අය ඒවගේ වැරදි ඔයාගෙ අතින් කාටවත් නොවෙන්න වගබලාගෙන ජීවිතේ අලුතින් පටන්ගන්නයි ඕන."

බියුං හූ බංකුවෙහි ඇන්ද මත හේත්තු වෙමින් කීවේය.

"හ්ම්ම්.. ඒඋනාට මම තාමත් අදරේ මාව දාල ගිය කෙනාට.. ඒත් වෙලාවකට මට එයාගෙන් කලදේට පලිගන්න හිතෙනව"

ජීයොන් ප්‍රකාශ කලේ තරමක තරක් කැටිවූ සිතකින් යුතුවය.

"ජීයොන්.. ඒ වැරැද්ද කවදාවත්ම කරන්න එපා... මොකද එහෙම කලොත් ඔයා තව තවත් ඒකෙම එල්ලි එල්ලි කර්ම රැස්කරගන්නව.. එවත් ඔයාටමයි ගෙවන්න වෙන්නෙ.. ඔයාටම දැන් අත්දැකීමක් තියනවනෙ ජීයොන්.. ඔයා කලින් කෙනාගෙ හිත රිදවපු එකට ඔයාට මේ ආත්මෙදිම දඩුවම ලැබිල ඔයාටත් එයා විදපු අත්දැකීමම ලැබුනනෙ.. ජීයොන් ස්වභාව ධර්මය කාටවත් අසාධාරණයක් කරන්නෙ නෑ ඔයාට එහෙම උනේ කලින් කෙනා විදවපු දුකට සාධාරණයක් ඉෂ්ට වෙන්න.. ඉතින් ඔයා පස්සෙ හම්බවුන කෙනා ඔයාව අතෑරපු එකට පලිගන්න ඕන නෑ.. ඒක එයාට ලැබෙයි වෙන විදියකට."

බෞද්ධයකු වූ බියුං හූ බෞද්ධ දර්ශනය පිලිබඳව තමාතුල වූ දැනුම භාවිතයෙන් ජීයොන් හට හරිමාර්ගය පෙන්වීමට උත්සාහ කලේ තම පෞද්ගලික අත්දැකීම්ද පාදක කරගෙනය.

"හ්ම්ම්.. ඒක ඇත්ත"

ජීයොන් නැවතත් සංසුන් ස්වරයෙන් ප්‍රාකාශ කර බංකුවෙහි හේත්තු වී දීර්ඝ සුසුමක් හෙලීය.

"හැබැයි එක දේකදි අපි පරිස්සම්වෙන්න ඕන"

බියුං හූ අවධාරණයෙන් කීවේ ජීයොන්ගේ දෑස් තුල කිදාබසිමිනි.

"ඒ මොකද්ද ?"

ජීයොන් බියුං හූ දෙස දෑස් යොමුකර කුතුහලයෙන් අසන්නට විය.

"මේකයි... ස්වභාවධර්මයත් ටිකක් කපටී.. ස්වභාවධර්මයත් කැමති කෙනෙක්ගෙ කර්මයක් විසදද්දි සිද්දියට සම්බන්ධ ලගම කෙනා පාවිච්චිකරල ඒක කරගන්න.. අන්න එතනදි අපි පරිස්සම්වෙන්න ඕන.. හොදම දේ අපිට කෙනෙක් අකටයුත්තක් කලොත් අපි පලිගන්න නෙමේ ඕන.. හැකි ඉක්මනින් ඒ කෙනාගෙන් ඈත්වෙන එකයි.. නැත්නම් මම කලින් කියුව වගේ අපිවම පාවිච්චිකරල ඒ කෙනගේ කර්මය විසදන්න යනව.. ඉතින් අපි තවත් කර්ම එකතුකරගෙන කර්ම දැලේ පැටලි පැටලි යනව.. කවදකහරි ඒ කර්ම විදවන්නගියදාට තමා බරපතලකම තේරෙන්නෙ."

බියුං හූගේ ඉගැන්වීම් මගින් ජීයොන්ගේ සිත මදක් සාමකාමී කිරීමට සමත්විය.

"හ්ම්ම්ම්.. මට තේරෙනව බියුං හූ.. අපි කරන්න ඕන අපේ මානසික නිදහස නැතිකරන්න හෝ කරදර කරන්න කෙනෙක් එනවනම් පුලුවන් තරම් ඒ පුද්ගලයව මගහරින එක"

"අන්න හරි ජීයොන්.. ඔයාට තේරුන.. ඇත්තටම මම දැනන්හිටිය ඔයා යමක් තේරුම්ගැනීමේ ශක්තියක් තියන බුද්ධිමත් කෙල්ලෙක් කියල.. එහෙම නැත්නම් මම ඔයාට කතාකරන්නෙ නෑ.. මම දන්න දේවල් වලින් කෙනෙක්ගෙ හිත සුවපත් කරන්න පුලුවන්නම් අන්න ඒකයි මට ඕන කරන්නෙ.. මොකද ඔයාට වගේම කතාවක් තිබිල පලිගැනීමේ චේතනාව නිසා ගෝඩාක් පව් රැස්කරගත්ත කෙනෙක් මමත්.. ඉතින් මට ඕන අනිත් අයවත් මේකෙන් බේරගන්න"

බියුං හූ සතුටින් ඇරඹූ කතාව කලකිරුනු හැගීමකින් යුක්තව නිමාකලේය.

"ඔව් බියුං හූ .. ඔයා එක්ක කතාකලාට පස්සෙ මට ලොකූ සහනයක් දැනුන.. ඇත්තෙන්ම මට සමාවෙන්න ඔයාට එදා කොරා කියල බැන්න එකට"

ජීයොන් බියුං හූ හට තම හිස නමමින් සමාව අයැද සිටියාය.

"ඒකට කම්ක්නෑ ජීයොන්.. එක ඇත්තටම මගේ කර්මයක්.. ඉස්සර මන් මෙහෙම නෑ.. රියඅනතුරකින් තමා මෙහම වුනේ... මම පොඩිකාලෙ ගොඩක් නපුරුයි දවසක් පොල්ලකින් ගහල ගෙදර හිටපු බල්ලගෙ කකුලක් කැඩුණ මම අතින්.. ඉතින් ඒකට ලැබුන දඩුවම වෙන්න ඇති මේ ..."

බියුං හූ කලකිරීමෙන් යුතුව තම අදහස කියා පෑවත් කතාව අවසානයේ සිහින් සිනහවකින් ජීයොන් හට සංග්‍රහ කලේ ඔහු කල ප්‍රකාශය අමතක කරන ලෙස සිදුකරන ඉල්ලීමක් ලෙසිනි.

"ඔව් බියුං හූ .. අපි හිත පාලනය කරගෙන නරකින් ඈත්වෙලා හොදින් ජීවත් වුනොත් හැමදාම සතුටින් ඉන්න පුලුවන්."

ජීයොන් යතාර්ථය තේරුම්ගත් බව බියුං හූ ට වැටහිනි.

"ඔව් ජීයොන් .. හැබැයි අය කාටවත් අවමන් කරන්න එපා එහෙම ශරීරයේ අඩුපාඩු කියල.. මොකද ඒ දේම තමන්ටත් නොවෙයි කියල කව්ද සහතික වෙන්නෙ." .

බියුං හූ ප්‍රසන්න සිනහවකින් ජීයොන් දෙස බලා ප්‍රකාශ කලේය.

"ඔයා නේවාසිකාගාරය පැත්තටද යන්නෙ.. යමු එහෙනම්.. මාත් ඉදිරිපස ගේට්ටුව පැත්තෙන් යන්නෙ"

ජීයොන් සහ බියුං හූ බංකුවෙන් නැගිට්ටේ පානයකල අවසන්වූ තම තමන්ගේ කෝපි කෝප්පයද අතැතිවය. නමුත් බ්ංකුවෙන් නැගිට්ටේ එහි හිදගත් ජීයොන් නොව අලුත් ජීයොන් කෙනෙකි.

"ජීයෝන් අද හවස ඔයා කාර්‍යබහුලද?, ඔයා කැමතිනම් මාත් එක්ක ගුන්දුනං යන්න පුලුවන්"

බියුං හූ ආරධනාව ජීයොන් හට ඉදිරිපත්කලේ ඇය ප්‍රතික්ෂේප කරයිදෝ යන්න බියක්ද ඇතිවය.

"ඒක මට සතුටක්.. මම එන්නම් බියුං හූ .. ඔයා මාව ගන්න එන්න"

හිස මදක් පහතට නමා ඇස් කොනකින් බලමින් සිහින් සිනාවක් පෑ ජීයොන් පදික වේදිකාව ඔස්සේ දිවගියේ කාලයක් පුරා තාමාව පාලනය කල යක්ෂයෙකුගෙන් මිදී හිතේ ඇතිවූ කියාගත නොහැකි නිදහසක් සහ අමුතු ආදර හැගීමක්ද කැටිව නිදහසේ පියාඹන කිරිල්ලියක ලෙසිනි.

------------------------ නිමි ------------------------------

රචනය: සරත් මහින්ද විජ්රත්න.


Comments

My Posts

කතාකරන පාලම.✍️✍️✍️

කුවීන්ස් උද්‍යානයේ අභිරහස් මරණය.✍️✍️🧐

උපාලිගේ නාඩඟම ✍️✍️😂