මොකද්ද මේ Pfizer/BioNTech වැක්සීනය ?
👩🔬👩🏫 මොකද්ද මේ Pfizer/BioNTech වැක්සීනය ?😯
⭕ වැක්සීනයකින් සරලව සිදුකරන්නේ අපට වයිරසයක් හෝ බැක්ටීරියාවක් ආසාදනය වීමට පෙර ශරීරය අක්‍රීය කරන ලද වයිරසයට හෝ බැක්ටීරියාවට නැතහොත් වයිරසයේ හෝ බැක්ටීරියාවේ ප්‍රෝටීන කොටසකට නිරාවරණය කර ශරීරය තුල අදාල වයිරසයට හෝ බැක්ටීරියාවට එරෙහි අර්ථ ප්‍රතිශක්තිය (Acquired immunity) ඇතිකිරීමයි. මෙමගින් ශරීරය අදාල සැබෑ ජීවී වයිරසය ආසාදනය වීමට ප්‍රථමයෙන් එයට විරුද්ධව සටන්කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය ශරීරය විසින්ම ගොඩනගාගන්නවා 😯💪.
⭕ නමුත් වර්තමානයේ ලොවපුරා කතාබහට ලක්ව ඇති කොරෝනා වෛරසයට එරෙහිව නිශ්පාදනය කර ඇති Pfizer/BioNTech වැක්සීනය මෙතෙක් ලොවපුරා භාවිතා වූ වැක්සීන වලට වඩා වෙනස් ස්වරූපයකිනුයි ක්‍රියාත්මක වන්නේ 🤔.
⭕ මෙම Pfizer/BioNTech වැක්සීනයේ ප්‍රධාන වශයෙන් සමන්විත වනුයේ වයිරසයේ ප්‍රෝටීන් කොටසකට අනුරූප mRNA නැත්නම් Messenger RNA කොටසකි. වැක්සීනයේ ස්ථායිතාවය පවත්වාගැනීම සඳහාත් ඉක්මනින් දේහ සෛල තුලට ගමන් කරවීම සඳහාත් මෙම mRNA අනු Lipid nanoparticles තුල encapsulate කර තියනවා 😯🤔.
⭕ සාමාන්‍යයෙන් ජීවී දේහයක ලක්ෂණ පාලනය කිරීම සහ ගොඩනැගීම සදාහාත්, දේහතුල සිදුවන ජෛව රසායනික ක්‍රියාවලි පාලනය සදහාත් වැදගත් වනුයේ විවිධ වර්ගයේ ප්‍රෝටීනයි 🐵🦍😊. මෙම එක් එක් කාර්යහාරය සඳහා අවශ්‍ය ප්‍රෝටීන කවරේද යන්න තොරතුරු ගබඩාකර ඇත්තේ ජීවීන්ගේ සෛල තුල ඇති න්‍යෂ්ටියෙහි පිහිටි DNA අනුතුලයි😏. mRNA අනුවක කාර්යහාරය වනුයේ එම DNA අනුවල පවතින දත්ත පිටපත් කරගෙන න්‍යෂ්ටියෙන් පිටත සෛල ප්ලාස්මය තුලට ගමන් කර එහිදී අදාල ප්‍රෝටීනය සංස්ලේෂණයට අවශ්‍ය පනිවිඩය ලබාදීමයි 😯👍. තවත් පැහැදිලිව කියනවනම් postman කෙනෙක් වගේ 🚵.
⭕ මෙම නව Pfizer/BioNTech වැක්සීනයේ යාන්ත්‍රණය සැකවින් විස්තර කලහොත්, වැක්සීනය අපගේ ඉහල භාහුවෙහි මාංශපේෂී වලට ලබාදුන් විට එහි ඇති mRNA අනුව සෛල තුලට ගමන් කොට සෛලීය ප්‍රෝටීන් නිපදවීමෙ යාන්ත්‍රණය උපයෝගී කරගනිමින් COVID19 වෛරසයට අදාල එම ප්‍රෝටීන් කොටස පමනක් ශරීරය තුල නිපදවීමක් සිදුකරනව 😯💪. ඉන්පසු මෙම ප්‍රෝටීන කොටස අප ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ග්‍රහණය කර ඊට එරෙහිව සටන්කිරීමට අවශ්‍ය වන යාන්ත්‍රණය ශරීරය විසින් ගොඩනගාහැනීම ආරම්භ කරනවා😎💪.
⭕ මෙම වැක්සීනයේ වාසි සහ අවාසි ගැන කතාකලහොත් මෙය අනෙකුත් වැක්සීන ලෙස නොව ජෛවීයව නොවන ක්‍රම භාවිතයෙන් ඉක්මනින් රසායනිකව නිශ්පාදන කරගැනීමට පුලුවන් 😯🤔.එමෙන්ම වයිරස ප්‍රභේද වල වෙනසක් සිදු වුවහොත් එම වෙනසට අනුකූලව ඉක්මනින් mRNA අනුවෙහි අන්තර්ගතය වෙනස්කර නව වැක්සීනක් නිපදවීමේ හැකියාවක්ද තිබෙනව💪👏. මෙහි ඇති අවාසිදායක තත්වය වනුයේ mRNA අනු සාමාන්‍ය අධිශීතකරණ තත්ව යටතේ වැඩිකාලයක් තබාගත නොහැකි වීම වන අතර ඒ සදාහා අවම වශයෙන් සෙල්සියස් අංශක සෘණ 70 වක උශ්නත්වයක් වත් පවත්වාගත යුතු වීමයි🙁. මෙම උශ්නත්වය යටතේද විවෘත නොකරන ලද ඇසුරුම් තබාගත හැක්කේ දින 10ක් පමනක් බවයි Pfizer ආයතනය පවසන්නේ 🙁. නමුත් මේවන විට මෙම වැක්සීනය ලොවපුරා බෙදාහැරීමට අවශ්‍ය කරන තාක්ෂණය සීග්‍රයෙන් දිවුනු කරමින් පවතින අතර විවිධ තාක්ශනික උපක්රමයන් භාවිතයෙන් මේවන විටද බෙදාහැරීම් කටයුතු සිදුකරමින් සිටිනව 😀👏👍.
⭕ අනෙක් විශේෂ කරුන වනුයේ ලොකයපුරා වර්තමානය වන විට සැරිසරන වැක්සීන අතුරින් මිනිසාට භාවිතා කිරීම සඳහා අවසර ලද පලමු mRNA වැක්සීනය වනුයේ මෙම Pfizer/BioNTech වැක්සීනයයි 😯😎. මෙහි සාර්ථකවය මේවන විට 95% පමන වන බවට විද්‍යාඥයන් විසින් ගණනය කර තිබෙනව😀. Pfizer/BioNTech ආයතන පවසනුයේ ඉතා සුලු පිරිසකට බරපතළ නොවන ආසාත්මිකතා ඇතිවූවත් මෙම වැක්සීනයේ සෞඛ්‍ය ආරක්ෂිත බවයි😊👏.
⭕ කෙසේවෙතත් මෙම Pfizer/BioNTech වැක්සීනය ලොවපුරා දහස්ගණනක් ජනතාවගේ බාලාපොරොත්තුවක් බවට මේවන විටත් පත්ව තිබෙනව👏👍😀.
-----------------------------නිමි--------------------------
✍️ සරත් මහින්ද විජ්රත්න.
Reference:
📕 The Conversation. 2020. How Mrna Vaccines From Pfizer And Moderna Work, Why They're A Breakthrough And Why They Need To Be Kept So Cold. [online] Available at: <https://theconversation.com/how-mrna-vaccines-from-pfizer-and-moderna-work-why-theyre-a-breakthrough-and-why-they-need-to-be-kept-so-cold-150238> [Accessed 20 December 2020].
📕 Pfizer.com. 2020. Pfizer And Biontech Announce Vaccine Candidate Against COVID-19 Achieved Success In First Interim Analysis From Phase 3 Study | Pfizer. [online] Available at: <https://www.pfizer.com/news/press-release/press-release-detail/pfizer-and-biontech-announce-vaccine-candidate-against> [Accessed 20 December 2020].
Comments
Post a Comment