මොකද්ද මේ Pfizer/BioNTech වැක්සීනය ?
👩🔬👩🏫 මොකද්ද මේ Pfizer/BioNTech වැක්සීනය ? 😯 ⭕ වැක්සීනයකින් සරලව සිදුකරන්නේ අපට වයිරසයක් හෝ බැක්ටීරියාවක් ආසාදනය වීමට පෙර ශරීරය අක්‍රීය කරන ලද වයිරසයට හෝ බැක්ටීරියාවට නැතහොත් වයිරසයේ හෝ බැක්ටීරියාවේ ප්‍රෝටීන කොටසකට නිරාවරණය කර ශරීරය තුල අදාල වයිරසයට හෝ බැක්ටීරියාවට එරෙහි අර්ථ ප්‍රතිශක්තිය (Acquired immunity) ඇතිකිරීමයි. මෙමගින් ශරීරය අදාල සැබෑ ජීවී වයිරසය ආසාදනය වීමට ප්‍රථමයෙන් එයට විරුද්ධව සටන්කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය ශරීරය විසින්ම ගොඩනගාගන්නවා 😯💪. ⭕ නමුත් වර්තමානයේ ලොවපුරා කතාබහට ලක්ව ඇති කොරෝනා වෛරසයට එරෙහිව නිශ්පාදනය කර ඇති Pfizer/BioNTech වැක්සීනය මෙතෙක් ලොවපුරා භාවිතා වූ වැක්සීන වලට වඩා වෙනස් ස්වරූපයකිනුයි ක්‍රියාත්මක වන්නේ 🤔. ⭕ මෙම Pfizer/BioNTech වැක්සීනයේ ප්‍රධාන වශයෙන් සමන්විත වනුයේ වයිරසයේ ප්‍රෝටීන් කොටසකට අනුරූප mRNA නැත්නම් Messenger RNA කොටසකි. වැක්සීනයේ ස්ථායිතාවය පවත්වාගැනීම සඳහාත් ඉක්මනින් දේහ සෛල තුලට ගමන් කරවීම සඳහාත් මෙම mRNA අනු Lipid nanoparticles තුල encapsulate කර තියනවා 😯🤔. ⭕ සාමාන්‍යයෙන් ජීවී දේහයක ලක්ෂණ පාලනය කිරීම සහ ගොඩනැගීම සදාහාත්, ...